දෙමළ දේශපාලකයන් උසි ගැන්වූ මිනිස්සු නිලාවරෙයි ළිඳ ලඟදී  යළිත් පුරාවිද්‍යා නිලධාරීන් පළවා හරිති

දිනසේන රතුගමගේ –

යාපනයේ නිලාවරෙයි ඓතිහාසික ළිඳ අසල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධරීන් කැණීම් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්  පුරා විද්‍යා නිලධාරීන්ට බාධා කිරීම නිසා පොලීසියට එම කැණීම් කටයුතු තාවකාලිකව දෙවන වරටත් නවතා දැමීමට ඊයේ   (27) තීරණ කළේය.

නිලාවරෙයි ළිද අසල හින්දු කෝවිලක් පිහිටා ඇති අතර පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ එම කෝවිල කෙළවරේ පුරා වස්තු ඇති නිසා එම ස්ථානය තහවුරු කිරීම සඳහා කැණීම් සිදු කළ යුතු බවයි.

මීට මාසයකට පමණ ඉහතදී පුරා විද්‍යා නිලධාරීන් එම ස්ථානයේ  කැණීම් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගැනීමෙන් කැණීම් කටයුතු නතර කොට දැමිණි. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේදීද එවැනිම තත්ත්වයක් උද්ගත වීම නිසා පොලීසිය පැමිණ ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කොට කැණීම් කටයුතු තාවකාලිකව නතර කරණ ලෙසටද උපදෙස් දී තිබේ.

Exit mobile version