දෙමළ ජාතික සංධානයට එරෙහිව උද්ඝෝෂණය මෙහෙයවූයේ ආවා කල්ලි නායකයා… 

මාවෙයි සේනාධිරාජා කියයි...

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව යාපනයේ උද්ඝෝෂණයක් දියත් කළේ ආවා කල්ලියේනායකයා බව කියා ගන්නා පුද්ගලයෙකු බවත් ඔහුගේ අරමුණ දෙමළ ජාතික  සන්ධානයට මඩ ගසා ඔහු වෙනත් ආකාරයකින් දේශපාලනයට පිවිසීම බවත් මාවෙයි සේනාධිරාජා  පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා  එසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පිරිසක් යාපනයේදී විරෝධතාවයක් දියත් කිරීම පිළිබඳව යාපනයේ මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව  යාපනයේ විරෝධතාවයක් දියත් කළ පුද්ගලයා  කාලයක් දකුණේ සිංහල මාධ්‍ය උපයෝගී කරගෙන තමන් ආවා කල්ලියේනායකයා බව කියමින්  දෙමළ ජාතික සන්ධානය දැඩි ලෙස විවේචනයට ලක් කළ ආකාරය ද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.


මෙම විරෝධතාවය මෙහෙයවන ලද පුද්ගලයා පසුගිය යහපාලන රජය සමයේ උතුරේ කොතැනකින් හෝ දේශපාලනයට පිවිසීමට විශාල උත්සාහයක් දැරූ බවත් ඔහුගේ චරිතය රංගනයක් මිස සැබෑ දේශපාලනයක් නොවන බව තේරුම් ගැනීමෙන් පසුව යහපාලන රජයේ දේශපාලනඥයින් ඔහුව අත්හැර දැමූ ආකාරයත් මාවෙයි සේනාධිරාජා   විස්තර කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළාත් සභා මැතිවරණය ළංවත්ම ඔහු දේශපාලන පසුබිමක් සකසා ගැනීමේ අරමුණින් මේ අන්දමට දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විරෝධතා දියත් කරන බව කී හිටපු මන්ත්‍රීවරයා මෙවැනි පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට උත්සාහ දරන පිරිස උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කොට ඇති බවද පැවසීය.

Exit mobile version