දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නය වෙනුවෙන් සෑම විටම ඉන්දියාව මැදිහත් වෙනවා…

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්  ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය කියයි....

දිනසේන රතුගමගේ –

සම්මුතිවාදී රටක් තුළ දෙමළ ජනතාවට අර්ථවත් ලෙස බලය බෙදා හැරෙන  ක්‍රමයක් පිළිබඳවත් තිරසාර දේශපාලන විසඳුමක් ලැබෙන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සෑමවිටම මැදිහත් වන බව ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්   ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.  

ඉන්දීය  විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ නායකයා සහ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු  සමග ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී 7 දා පෙරවරුවේ  පැවති සාකච්ඡාවක දී බවද දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේය. 

මේ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධනයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා සමග එම්.ඒ .සුමන්තිරන් හා හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා යන අය ද සහභාගී වී තිබේ.


ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමු වූ අවස්ථාවේදී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙසත් පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ හා එම කටයුතු ඉදිරියටත් නොවෙනස්ව පවත්වා ගෙන යන ලෙසත් ඉල්ලා සිටි බව දෙමළ ජාතික සන්ධානයේ පිරිසට පැවසු බවද ඔවුන් කියා සිටියහ.

රජයේ නියෝජිතයින් සමග සාකච්ඡාවේදී ඉන්දියාව උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් විශාල වශයෙන් උදව් කරන  බවද යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරණ බවද ශ්‍රී ලංකා  රජයේ යුතුකම හා වගකීම වන්නේ එහි සහෝදර ජනතාවක් වශයෙන් ජීවත් වන දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටුවන අන්දමේ විසඳුමක් ඔවුන්ට ලබාදීම බවද  ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළ බව දෙමළ ජාතික සන්ධානය වැඩි දුරටත් කියා සිටියේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්  ගෝපාල් බග්ලේ මහතා  සහභාගී වී තිබුණි.

Exit mobile version