දෙමටගොඩ ආරාම ප්‍රදේශවාසීන්ට කොවිඩ් එන්නත් ලබා දීම අරඹයි…

coronavirus-vaccines

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු අද (19) ආරම්භ කර ඇත.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදිනී වෛද්‍ය දිනූකා ගුරුගේ පවසන්නේ ආරාමය ප්‍රදේශයේ සියලුම වතු නිවාස වාසීන්ට කොවිඩ් එන්න ලබා දීමට සැලසුම් කර ඇති බවය.

ඊයේ ප්‍රදේශයේ කළ පී.සී.ආර්. පරීක්ෂණ 129කින් රෝගීන් 15ක් වාර්තා වූ බව පවසන ඇය එම රොගීන් ඉන්දියානු ප්‍රභේදය වැළඳුණු අයවලුන් දැයි තවම තහවුරු වී නැතැයි කීවාය.

ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ අහඹු පරීක්ෂණවලින් රෝගීන් 70ක් පමණ වාර්තා වී ඇති බවත් එම නියැදි වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර විශ්විද්‍යාලය වෙත යවා ඇති බවත් පැවසුවාය.

Exit mobile version