දෙකෝටි විසි තුන් ලක්ෂයේ කොල්ලකරුවන් මෙල්ල කළ සැරයන් බුද්ධි කුමාරට උසස් වීමක්!

ඊයේ තඹුත්තේගම සිදුවූ දෙකෝටි විසි තුන්ලක්ෂයක මංකෝලලය දිව පරදුවට තබා වැලැක්වූ  තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධි කුමාරට උසස් වීමක් සහ ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පති උපදෙස් මත පොලිසිය තීරණය කර තිබේ.

අඩක් වැඩ නිමකළ නිවසක පදිංචි වී සිටින සැරයන්වරයාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් අවසන් කරදීමට කටයුතු කරන බව අද ඔහුගේ නිවසට පැමිණි උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පොරොන්දු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය ජීවිතය ද පරදුවට තබා සිය වගකිම් ඉටුකළ පොලිස් සැරයන් බුද්ධික කුමාර  අනුරාධපුර එප්පාවල පදිංචි තිදරු පියෙකි.

 

Exit mobile version