දුර ගමන් සේවා බස් රථ නැවතුම්පොළ නව සංඥා පුවරු සවිකෙරේ!

කීර්ති ප්‍රනාන්දු-

වසර ගණනාවක් පැවති පෞද්ගලික බස්රථ ගැටලුවක් නිරාකරණය කරමින් දුර ගමන් සේවා බස් රථ නතර කිරීම සඳහා නැවතුම්පොළ සංඥා පුවරු 48ක් ගාලුපාරේ ඉදිකිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ .

මේ අනුව කොළඹ සිට අලුත්ගම දක්වා සංඥාව පුවරු 24 ක් සහ අලුත්ගම සිට කොළඹ දක්වා සංඥා පුවරු 24ක් වශයෙන් මෙම පුවරු 48 ඉදිකෙරෙනු ඇත.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර සංඥා පුවරු ඉදිකිරීම සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ප්‍රතිපාදන වැය කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ජගත් පෙරේරා මහතා පැවසීය .

විශේෂයෙන් දුරගමන් සේවා පෞද්ගලික බස් රථ සෑම නැවතුම්පලක ම නතර කරන බවටත් එම නිසා තම බස්රථ වල ආදායම අඩුවන බවටත් චෝදනා කරමින් බස්නාහිර පළාත තුළ ධාවනය කරන පෞද්ගලික බස් රථ සහ දුරගමන් සේවා බස් රථ සේවකයින් අතර නිතර නිතර ගැටුම් ඇති වූ අතර දුරගමන් සේවා බස්රථ සෑම තැනකම නතර කිරීම පිළිබඳව මගීන්ගෙන් ද චෝදනා එල්ල වූ බව පවසන අධිකාරිය පවසයි .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ . ඩබ්ලිව් . ප්‍රසන්න සංජීව මහතාගේ අධීක්ෂණය යටතේ එම සංඥා පුවරු ඉදිකිරීම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර ඉදිරියේදී මීගමුව සහ නුවර මාර්ගවල ද දුර ගමන් සේවා බස් රථ නැවතුම්පොළ සංඥා පූවරු ඉදිකිරීමට නියමිතය.

Exit mobile version