දුමින්ද සිල්වා නිදහස් කළ ආකාරය ගැන නීතිඥ සංගමයට ප්‍රශ්නයක්

duminda silva - BASL

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අයුතු ජනරාශියක සාමාජිකයකු වීම සහ මිනීමැරීමට වරදකරු කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව දී නිදහස් කිරීම සිදු වුයේ ව්‍යවස්ථානුකූලව ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමෙන් අනතුරුව ද යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය විමසයි.

නීතිඥ සංගමයේ මෙම කරුණු විමසීමට කරුණු කිහිපයක් හේතු ලෙස දක්වා තිබේ.

ඉන් එකක් වන්නේ මිනීමැරුම් චෝදනා ලබා සිරගතව සිටින අයෙකු නිදහස් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියට අනුව මේ පිළිබඳව මුලින්ම මෙම ඝාතන නඩුවේ විනිශ්චය ලබා දුන් විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු වීමය.


ඉන් පසුව මේ පිළිබඳ නීතිපතිවරයාගෙන් ද වාර්තාවක් කැඳවිය යුතු වේ.

විනිසුරුවරුන්ගේ සහ නීතිපතිවරයාගේ වාර්ථාවන්ට අමතරව අධිකරණ අමාත්‍යවරයා ගේ ද වාර්තාවක් මේ සම්බන්ධයෙන් ලබා ගත යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව දුමින්ද සිල්වා නිදහස් කිරීමේදී ඉහත කී අදාළ වාර්තාවන් කැඳවීමට කටයුතු කළේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් විමසා සිටියි.

Exit mobile version