දැඩි මහජන උනන්දුවක් තිබූ නඩු තීන්දුවකින් මිනීමැරුමකට වැරදිකරු වී මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්න්රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට හේතු වූ කරුණු මොනවාදැයි එක්සත් ජාතික පක්ෂය ජනාධිපනිවරයාගෙන් විමසා සිටී.
අද (24) ජනාධිපති සමාව ලද සිරකරුවන්ගේ ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා ඇතුළත් කිරීමට ගත් තීරණය ජනතාවට පැහැදිලි කළ යුතු අතර ජනාධිපනි සමාව සඳහා සුදුසුකම් ඇනි අය තීරණය කිරීමේදී භාවිතා කරන නිර්ණායක මොනවාදැයි එම පක්ෂය විමසා ඇත.
ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිනා කිරීම තුළින් අධිකරණය අවභාවිතා නොකරන ලෙස එක්සන් ජාතික පක්ෂය තවදුරටන් ජනාධිපනිවරයාගෙන් ඉල්ලා සිටී.
එවැනි සිරකරුවන්ට සමාව දීමේදී අනුගමනය කළ යුතු නිශ්චිත ක්රියා පටිපාටියක් ඇති බැවින් මෙම ක්රියා පටිපාටිය දුමින්්ද සිල්වා මහතාට සමාජ දීමේදී අනුගමනය කළේ ද යන්න එජාපය වැඩිදුරටත් විමසා තිබේ.
අධිකරණයේ අඛණ්ඩ ස්වාධීනන්වය සඳහා කැප වන බව ද එක්සත් ජාතික පක්ෂය යළින් වරක් අවධාරණය කර ඇත.