දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හදිසි දුම්රිය වැඩවර්ජනය අවසන්…

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් හදිසියේ ක්‍රියාත්මක කල වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර පැවසීය..

පෙරේදා ආරම්භ කළ පැය 24ක වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර පැය දෙකක් යන්නට පෙර යළිත් වරක් වර්ජනයක් කැඳවීමට  ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින්  කටයුතු කළේය.

ඒ, එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකිරීම පිළිබඳ සිය විරෝධතාවය පළකරමිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ජනය අවසන් කළ ද දුම්රිය ධාවනය නැවත යතාවත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය  වැඩිදුරටත් කීය.

Exit mobile version