දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්!

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කළ බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළේය.

පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්  ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ අවසන් කළ බව ඔහු  කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව  සභාපතිවරයා පැවසුවේය.


Exit mobile version