දුම්රිය රියදුරු විරෝධතාවය නිසා අද දිනයේ දුම්රිය වාර 65ක් අවලංගුයි… වර්ජනය අත්හැරිය පසුත් 18ක් අවලංගු වෙලා….

traine

දුම්රිය රියදුරන් විසින් ඊයේ (24)  ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අද දින ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 65ක් අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ඔවුන් සේවයෙන් ඉවත් වී සිදුකල  විරෝධතාවය නිසා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 04 ක් ද , පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 08 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 16 ක් ද, උතුරු මාර්ගයේ 01 ගමන් වාරයක් ද, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 36 ද  මෙසේ අවලංගු වී  තිබේ.

දුම්රිය රියදුරු සංගමය  වැඩ වර්ජනයෙන් අද සවස 3ට පමණ ඉවත් වීමට තීරණය කරනු ලැබුව ද    සවස ධාවනයට නියමිතව තිබු ගමන් වාර 18 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම සවස ධාවනය වූ දුම්රිය ප්‍රමාද වීම් සහිතව හා අවලංගු වීම් සහිතව  ධාවනය  විය.


Exit mobile version