දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ නෑ… දුම්රිය ස්ථානාධිපතිවරු පරිපාලනයට දන්වති!

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිටක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇති දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමය නිවේදනය කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වී සිටින ජනතාව ගැන සලකා බලා මෙම තීරණය ගත් බව එම සංගමය විසින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( වාණිජ) වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

කළමනාකරණයේ ඇති අකාර්යක්ෂමතාවය නිසා පාඩු ලබන දුම්රිය සේවයේ පාඩුව පියවා ගැනීමේ බර මේ මොහොතේ  පීඩාවට පත්  මගීන් මත පැටවීම වැරදි බවත් ඉන්ධන මිලට සාපේක්ෂව දුම්රිය ගාස්තු යම් මට්ටමකට වැඩිකිරීම සිදුකළ යුතු බවත් එම සංගමය දන්වා සිටී.

මේ සම්බන්ධව ඇති කරුණු ගණනක් සලකා බලා පාලන අධිකාරිය විසින්  යෝජිත ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට  දුම්රිය ස්ථානාධිපතිරුන්ගේ සංගමයේ  විධායක කමිටුව තීරණය කර ඇතැයි ද  එම සංගමය දන්වා සිටී.


ඔවුන්  නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දුම්රිය ගාස්තු සංශෝධනය කරමින් නිකුත් කළ ගැස්ට් පත්‍රය මෙතැනින්   – rates revision 2022

Exit mobile version