දුම්කොළ සහ හුණු පාසල් බෑගයේ තිබී හසු වී විදුහල්පති දඬුවම් කළ විට සිසුවා සිය දිවි හානි කරගෙන 

හතරලියද්ද ජාතික පාසලේ  09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 13 හැවිරිදි සිසුවෙක්  තූල් නැමැති මත්ද්‍රව්‍ය සැදීමට ගන්නා දුම්කොල හා හුණු බෑගය තුළ සඟවාගෙන සිට හසුවී  විදුහල් පතිවරයා දඬුවම් කළ විට   සිය දිවි හානි කරගත් බව කියන පුරවතක් හතරලියැද්දෙන් වාර්තා වේ.

සිසුවාගේ සිය දිවි හානි කරගැනීම  හතරලියැද්ද පොලිසිය විසින් තහවුරු කරන අතර සිය දිවි නසාගෙන ඇති ලක්මාල් දිලංක රත්නායක නැමැති සිසුවා මෙම පියවර ගෙන ඇත්තේ  හතරලියැද්ද ජාතික පාසලේ විදුහල්පතිවරයාගේ අමානුෂික දඬුවම් හේතුවෙන් බව ඔහුගේ ඥාතීහු චෝදනා කරති.

“ මේ දරුවා ඉසකෝලෙ ගියාට පස්සේ ඔහුගේ බෑගය ගුරුවරුන්  විසින් පරීක්ෂා කරලා තියනවා. බෑග් එකේ දුම්කොල හා හුණු තිබිලා අහුවෙලා. ඉතින් ගුරුවරු දරුවාව විදුහල්පතිට ඉදිරිපත් කළාම විදුහල්පති දරුවට ගහලා. අවුවෙ දණ ගස්සලා.  ලජ්ජාවට පත් වෙච්චි දරුවා  පහුවදා ගෙල වැල දමාගෙන මිය ගිහින්…“ දරුවාගේ ඥාති කාන්තාවක් කීවාය.


මේ සම්බන්ධයෙන්   හතරලියද්ද ජාතික පාසලේ විදුහල්පති තිලක් පද්මසිරි  පවසන්නේ  තමන් කිසිසේත්ම මේ දරුවාට අමානුෂික දඬුවමක් නුදුන් බවය.

තූල් කියන මත්ද්‍රව්‍යයක් පාසල් දරුවො අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. තූල් හදන්නෙ හුණු සහ දුම්කොළ වලින්. මේ දරුවාගෙ බෑග් එකේ තිබිලා දුම්කොල සහ හුණු හසුවුණා.  ඊට පස්සේ ගුරුවරු ඔහුව මා වෙත ඉදිරිපත් කළා

මම මේ දරුවට දැඩි ලෙස අවවාද කළා. පහරක් ගැහුවා.  මගෙ කාර්යාලය ඉස්සරහ දණ ගස්සවලා තිබ්බා. මීට වඩා කිසිම දඬුවමක් දුන්නෙ නෑ.

මේ දරුවා අධ්‍යාපන කටයුතු මග හැරෙන්නට අත්හල දරුවෙක්. මීට පෙරද විනය විරෝධී කටයුතු නිසා ඔහු මගෙන් අවවාද ලද ශිෂ්‍යෙයක්. මේ දරුවන් අපරාධකරුවන් නොකර හදා ගැනීමේ වගකීම  තියෙන්නෙ ගුරුවරුන්ට.  මේ ශිෂ්‍යයට අමානුෂික අන්දමින් පහර දුන්නා කියන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


21 දා මිය ගිය මේ සිසුවාගේ මල සිරුර නිවසට රැගෙනවිත් තිබුණේ ඊයේ (25) රාත්‍රියේය.

 

Exit mobile version