දීපවාලි වෙනුවෙන් යාපනයේ දූපත් ප්‍රදේශවල සංචරණ සීමා ලිහිල් කෙරේ…

දිනසේන රතුගමගේ – 

යාපනයේ දූපත් ප්‍රදේශ වෙත පනවා තිබූ සංචරණ සීමාවන් දීපාවලී උළෙල නිසා ලිහිල් කොට ඇතත් දූපත්වාසීන්ගේ ගමන් බිමන් පාලනය කොට ඇති බව යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් ඊයේ (12) දා පැවසීය.

යාපනයේ දූපත් ප්‍රදේශ වලින් විශේෂයෙන්ම ඩෙල්ෆ්ට් දූපත තුළ අන්තර් ජාල පහසුකම් ඉතා දුර්වල මට්ටමක පවතින බැවින් බැංකු කටයුතු අඩාල වී ඇති නිසා නාවික හමුදාවේ සහ ටෙලිකොම් ආයතනයේ සහය ලබා ගෙන වඩාත් පුළුල් අන්තර් ජාල පහසුකම් දූපත් ප්‍රදේශ වලට ලබා දීමට පියවර ගන්නා බවද දිසාපතිවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ දූපත් ප්‍රදේශ වලින් කොරෝනා රෝගීන් මෙතෙක් හමු නොවූවත් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව සඳහන් කළ දිසාපතිවරයා මේ දිනවල යාපනයේ දූපත් ප්‍රදේශ වලට පිටස්තර පුද්ගලයින්ට ඇතුලුවීම සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන් විසින් තහනම් කොට ඇති බවද දිසාපතිවරයා සදහන් කළේය.


Exit mobile version