දීඝවාපි දාගැබ යළි හදන්න ගෙනා ප්‍රමිතියක් නැති ගඩොල් 2,70,000ක් පස් වෙලා

දීඝවාපී දාගැබ ගොඩනැගීමට ලක්ෂ හැටකට වඩා වැඩි වියදමක් දරා ගෙන්වන ලද ගඩොල් දෙලක්ෂ හැත්තෑ හත් දහසක ප්‍රමාණයක් අනුමත ප්‍රමිතියකින් තොර වීම නිසා දාගැබ් භූමිය තුළ ගොඩ ගසා ඇති ආකාරය වාර්තා වේ.

මේ වනවිට එම ප්‍රමිතියෙන් තොර ගඩොල් පස්ගොඩක් සේ දිය වෙමින් ගොස් තිබේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ හා මැදිහත්වීම මත අදාල තාක්ෂණික වාර්තාවන් සපුරා නොගෙන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියෙන් ගෙන්වා ඇති මෙම එක් ගඩොලක් සඳහා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන වලින් රුපියල් 14.50 බැගින් වියදම් කර තිබේ.


මෙම ගඩොල් ප්‍රමාණය සැපයුම් කිරීමට ඉදිරිපත් වූ සැපයුම්කරුවා සම්බන්ධව බරපතල ප්‍රශ්න මතුවෙද්දී ටෙන්ඩර්ය ප්‍රදානයට අදාල තාක්ෂණික වාර්තාව අනුමත කර ඇත්තේ ඉංජිනේරුවෙක් නොව ගණකාධිකාරීවරයා බව හෙළි වී ඇත.

පුරාවස්තු සංරක්ෂණය සඳහා යෙදවෙන මෙවැනි දැවැන්ත ව්‍යාපෘති වලින් හැකි සෑම අවස්ථාවකදීම මෙවැනි ගසා කෑම් සිදුවන බවත්, සමස්ථ ව්‍යාපෘතියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවසානයේ දී නිලධාරීන්ගේ මඩියට බැර වන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි.

සිද්ධිය යළි මතුවනවිට දීඝවාපී වැඩබිම භාර නිලධාරියා එම ස්ථානයෙන් මාරු කර විශ්‍රාමික නිලධාරියෙක් එම ස්ථානයට අනුයුක්ත කිරීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

දීඝවාපිය ප්‍රතිසංස්කරණයට ගෙනා ප්‍රමිතියක් නැති ගඩොල් පස් බවට පත්වී යන අයුරු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රමිතියක් නැති ගඩොල් තොග චෛත්‍ය භූමියේ ගොඩගසා ඇති අයුරු

Exit mobile version