කීර්ති ප්‍රනාන්දු –
මේ වනවිට දිවයිනෙහි පවතින අධික වර්ෂා තත්වය මත අවදානම් කලාපවල ජීවත්වන පුද්ගලයන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට දිස්ත්‍රික් හයක ප්‍රදේශ කීපයකටම ඉදිරි පැය 24 සඳහා වූ නායෙ යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර ඇතැයි මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය කියයි.
කළුතර, රත්නපුර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.