දිස්ත්‍රික් 06කට නායෙ යෑම් අනතුරු ඇඟවීම්… රත්නපුර සහ කළුතර ජල ගැලීම් අවදානමක…

රත්නපුර දිස්ත්‍රික්කයේ කැටලියම්පල්ල, ජලයෙන් යටවි තිබුණු අයුරු...

තුෂාරී කළුබෝවිල –

දිස්ත්‍රික්ක 06 ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 26කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

එයින් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශයට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.

එසේ ම එම දිස්ත්‍රික්කයේ ම ඇහැළියගොඩ, ඇළපාත, අයගම, කලවාන, කොළොන්න, කුරුවිට, නිවිතිගල, ඉඹුල්පේ, කිරිඇල්ල, බලන්ගොඩ, ගොඩකවෙල ප්‍රදේශවලට ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, අඹගමුව, කොත්මලේ ප්‍රදේශවලට ද මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කොටපොළ ප්‍රදේශවලට ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, යටියන්තොට, අරනායක, බුලත්කොහුපිටිය, දැරණියගල, රුවන්වැල්ල ප්‍රදේශවලට ද මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ ප්‍රදේශවලට ද කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා ඉංගිරිය ප්‍රදේශවලට ද නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇළපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ බුලත්සංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් කළු
ගඟ හා එහි අතු ගංගා (කුඩා ගඟ, මඟුරු ගඟ) පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් පහත් බිම් ආශ්‍රිත ව සැළකිය
යුතු මට්ටමේ ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.


Exit mobile version