සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීන්දුව තුට්ටුවකට මායිම් නොකර මනම්පිටිය වැලි සමාගමේ නිලධාරීන් දිගටම ජාවාරමේ!

by editor
ජූනි 24, 2025
in පුවත්
DCIM100MEDIADJI_0893.JPG

DCIM100MEDIADJI_0893.JPG

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

රජයට අයවිය යුතු විශාල බදු මුදලක් පැහැර හැර පරිසර අමාත්‍යංශය යටතේ පාලනය වන මනම්පිටිය පෞද්ගලික වැලි සමාගමෙන් ටිපර් රථවලට සීමාව ඉක්මවා වැලි පටවා ප්‍රවාහනය කිරීම අත්හිටුවීමට පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී තීරණය කළ ද එම තීන්දුව නොතකා උක්ත ජාවාරම දිගින් දිගටම සිදුකරන බව වාර්තා වේ.

රජයට ලැබිය යුතු විශාල බදු මුදලක් වංචා කරමින් මෙම ජාවාරම දිගටම පවත්වාගෙන යන්නේ එම තීන්දුව සෑම මංකඩකම ප්‍රදර්ශනය කර තිබියදී බව මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්වූ ටිපර් රථ හිමිකරුවන් සහ මංකඩ ලාභිහු සඳහන් කළහ.

පසුගිය මැයි 30 වෙනිදා පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්ගේ ධානත්වයෙන් පැවැති අතර එහිදී දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකන්නයක , විසින් වැලි ටිපර් රථවලට සීමාව ඉක්මවා වැලි පැටවීමෙන් විශාල බද්දක් රජයට අහිමිවන බව අනාවරණය කළේය.

මෙලෙස සීමාව ඉක්මවා වැලි ප්‍රවාහනය කිරීම හේතුවෙන් මාර්ග ද දැඩි ලෙස විනාශ වන බව පෙන්වා දී මෙම ක්‍රියාවලිය තහනම් කිරීමට තීන්දු කළ ද මනම්පිටිය වැලි සමාගමේ ඇතැම් පුද්ගලයන් අල්ලස් ලබාගෙන සීමාව ඉක්මවමින් ටිපර් රථ සඳහා වැලි පටවන බවද ටිපර් රථ රියදුරෝ පෙන්වා දුන්හ.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

මේ ආකාරයට දිනකට ටිපර් රථ තුන් හාරසියකට මනම්පිටිය වැලි මංකඩ හරහා වැලි පැටවීමේදී රජයට විශාල මුදලක් අහිමි කරමින් දැවැන්ත ජාවාරමක් සිදුවන බව මනම්පිටිය වැලි ටිපර් රථ සංගමයේ සභාපති අජිත් ගමගේ මහතා අප කළ විමසීමේදී පැවසීය.

පොළොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු එච්.එම්.සී.කේ. ඩබ්ලිව්. බණ්ඩාර ගේ අත්සනින් යුතුව මනම්පිටිය වැලි සමාගම අසල එම දැන්වීම ප්‍රදර්ශනය කරමින්, සීමාව ඉක්මවා වැලි ප්‍රවාහනය කලහොත් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථය අසාධු ලේඛනගත කරන බවත්, වැලි කැණීම් බලපත්‍රය තාවකාලික අත්හිටුවීමට පියවර ගන්නා බවත් සඳහන් කර ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ ගත් තීරණය හෑල්ලුවට සහ අභියෝගයට ලක් කරමින් ඉක්මවා වැලි ප්‍රවාහනය කිරීම බරපතල වරදක් බවත්, වත්මන් රජය ගන්නා තීරණය ඇතැම් නිලධාරීන් තුට්ටුවකටත් මායිම් නොකරන බවද වැලි මංකඩලාභීන් සහ ටිපර් රථ රියදුරෝ සඳහන් කරති.

අප මේ පිළිබඳව විමසීමට මනම්පිටිය වැලි සමාගමේ ස්ථාන භාර කළමනාකාරවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක් උත්සාහ ගත්තද එය අසාර්ථක විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ටෙහෙරානය සමග අපට ඇත්තේ නොබිඳෙන සම්බන්ධයක්… රුසියාව පවසයි…

Next Post

හොර සල්ලි නෝට්ටුවලින් උසාවියේ දඩ ගෙවන්න හදලා… කාන්තාවක් අත් අඩංගුවට….

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.