දිවුලපිටිය කොවිඩ් පොකුරට තවත් ආසාදිතයන් 42ක්… 41ක්ම අවුරුදු 14-35 වයස්වල…

34ක් විනෝද චාරිකා ගිය අය...

covid cheqed

අද උදේ වරුවේ  දිවුලපිටිය නව කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 42ක් වාර්තා වූ බවත් ඉන් එක් පුද්ගලයෙක් හැරුණු විට ඉතිරි 41 දෙනාම වයස අවුරුදු 14 හා 35 අතර පසුවන්නන් බවත්  දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.

එම රෝගීන් 42 සමග දිවුලපිටිය නව කොවිඩ් පොකුරේ රෝගීන් සංඛ්‍යාව දින 06ක් තුළ 242 දක්වා ඉහළ ගිය බවද ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොල්හේන, කළුඅග්ගල, සහ හීරළුගෙදර ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වී තිබිණි. මේ රෝගීන් 42න් 34ක්ම ශ්‍රී පාද වන්දනාවේ සහ මහනුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත වූ පුද්ගලයන්ය.


Exit mobile version