දිවුලපිටිය – කීර්ති ප්‍රනාන්දු –
තමන්ට ලැබෙන ආහාර වේල රසවත් නැති බවත්, ප්‍රමාණවත් නාන කාමර හා වෙනත් පහසුකම් නොමැති බවත් කියමින් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට බැණ වදින අතර අදාල පහසුකම් සැපයුවේ නැති නම් රෝහලින් පැන ගොස් ගම් වදින බවට තර්ජනය කරන රෝගීන් කණ්ඩායමක් නිසා දිවුලපිටිය කොවිඩ් රෝහල් පරිපාලනය බරපතල අපහසුතාවයකට පත් වී ඇතැයි සෞඛ්‍ය අංශ හෙළිදරවු කරයි.
දැනට කොරෝනා ප්‍රතිකාර රෝහලක් බවට පත් කර ඇති දිවුලපිටිය දිසා රෝහලේ රෝගින් 102ක් ප්‍රතිකාර ලබන අතර මේ තර්ජනය කිරීම් හා වියරු හැසිරීම් පෙන්වන්නේ ඩොක් යාර්ඩ් ආතනයේ සේවය කරමින් සිටිය දී ආසාදිත වූ පුද්ගලියින් 15 දෙනෙක් බව වාර්තා වේ.
මෙම පුද්ගලයන් වෙනුවෙන් ඩොක් යාර්ඩ් ආයනයෙන් වියලි ආහාර ද්‍රව්‍ය රෝහල වෙත සපයන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
” සම්බා කන්න බෑ කියලා කිව්වා… ඒ් නිසා කීරිි සම්බා උයලා දෙන්නෙ… මස්, මාළු, බිතතර, තුනෙන් ඒකක්, මැල්ලුමක්, සලාදයක්, එළවළු දෙකක් සහිත කෑම වේලක් ඔවුන් වෙනුවෙන් හදනවා… මේ ගැටලුව මතු කරන්නෙ එසේ තිබිය දී” රෝහල් පරිපාලනය ලංකාසර කළ විමසුමක දී කීවේය.
කෙසේ වෙතත් මේ තර්ජන නිසා රෝහල අවට මේ සිදුවීම පොලිසියට, මහජන සෞඛ්‍ය බලධාරීන්ට, ලිඛිතව දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි…