දිවුලපිටියෙන් මීට ස්වල්ප වෙලාවකට පෙර කොවිඩ් ආසාදිතයන් 35ක්….

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය ආවරණය වන පරිදි   මීට දින දෙකකට පෙර කරන ලද පී.සී.ආර් පරීක්ෂණ  202ක වාර්තා මීට ස්වල්ප මොහොතකට පෙර නිකුත් වූ බවත් ඉන් පුද්ගලයින් 35 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බවත් දිවුලපිටිය කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ.සී.එස්. කුලතිලක ලංකාසරට පැවසීය.

දිවුලපිටිය, මරදගහමුල, ඉඳුරාගාර, හපුවලාන, කටුවැල්ලේගම අලුතපොල ප්‍රදේශවලින් මෙම පුද්ගලයින් 35 දෙනා වාර්තා වී තිබේ. කොළඹ වරාය සේවකයෙකුගේ පවුලක  දරුවන්  ඇතුළු  6 දෙනෙකුගෙන් යුතු මුළු පවුලම කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.

ඊට අමතරව මරදගහමුල නගරයේ ත්‍රී රෝද රථ රියදුරන් 6 දෙනෙක්, වෙළෙඳ ව්‍යාපාරිකයෙක් හා  සේවකයෙක් කොවිඩ් ආසාදිත බව හවුරු වී තිබේ. ව්‍යාපාර හිමියා තේ කඩයක හිමි කරුවෙකි. අනෙක් පුද්ගලයා    සිල්ලර කඩයක සේවකයෙකි. තේ කඩ හිමියා සහ සිල්ලර කඩයේ සේවකයාගේ ආශ්‍රිතයන් සොයා යෑමේ පරීක්ෂණ අරඹා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම ගිලන් රථ මගින්  වරකාපොල හා යක්කල පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබේ.

 

Exit mobile version