දිවි සැරියෙන් සමුගත් කවුද මේ ටෝනි ඕපාත?

|චතුර රුවන් වීරක්කොඩි –

70 දශකයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ  ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ටෝනි ඕපාත  ඊයේ 11() දින අභාවප්‍රාප්ත විය. ඔහූ මියයන විට වයස අවුරුදු 73 කි.
tONY-OPATHA
ටෝනි ඕපාත
1947 අගෝස්තු 5 වෙනිදා කොළඹදී උපත ලැබූ  ඇන්ටනි රැල්ෆ් මැරිනන් ඕපාත නම් ඔහූ අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙනි. පාසල් අවදියේදිම ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු වූ ඕපාත මහතා දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙස දක්ෂතා පෙන්වීය.
1968දී රාජකීය සිලෝන් ගුවන් හමුදා සේවයට නියුක්ත වූ  ඕපාත  මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ 1971 වසරේදීය. ඒ අනුව 1975 සහ 1979 වර්ෂවල පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි වලදී  ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නට ඔහූට අවස්ථාව ලැබී තිබේ.
එමෙන්ම එක්දින තරග කිහිපයකටම සහභාගි වී තිබූ ඕපාත  අයර්ලන්තයේ පැවැත්වූ පළමු පෙළ තරගවලදී නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ක්‍රියා කරන්නට තරම් වාසනාවන්ත විය.
1982 වසරේදී දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීම හේතුවෙන් ඔහූට තරග තහනමක් පැනවූ අතර ක්‍රිකට් දිවියෙන් සමුගන්නට එය හේතුවක් විය. එම සංචාරයේදී ඔහු ක්‍රීඩකයෙකු මෙන්ම කණ්ඩායම් කළමනාකරු වශයෙන්ද කටයුතු කළේය.
ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය ලබාගත්තේ 1981 ජූලි 21 වෙනිදාය. ඊට පෙර ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයන් 49 දෙනා අතර ඔහූ සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ ගෞරවය ඔහූට ලබා දුන් අතර සැමදාමත් එය එසේම හිමිවනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Exit mobile version