දිවා ආහාරය සමග අරක්කු කාලකුත් දී අවුරුදු විකාරයක් කළ නුවරඑළිය නගරාධිපතිට වැඩ වරදී…

සියලුම සෞඛ්‍ය නීති කඩලා... ලබා දුන් උපදෙස් පැහැර හැරලා...

නුවරඑලිය මහ නගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙස ලෙස මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ   පැවසිය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනිම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසටත් නගරාධිපතිවරයාට උපදෙස් ලබා දි තිබියදි එම උපදෙස්වලට පටහැනිවද නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා කටයුතු කරමින් වසන්ත උදානය පවත්වා ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නුවරඑලිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයකකට  සහභාගි වු නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමග මත්පැන් මිලිලිටර් 175 බෝතලයක් ලබා දි ඇති බවටද තමන්ට තොරතුරු ලැබි ඇති බවත්, ඒ පිලිබඳවද තම අවධානය යොමු වි ඇති බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.


Exit mobile version