දිවයින පුරාම අද එන්නත්කරණය ක්‍රියාත්මකයි…

උතුරු පළාත් සෞඛ්‍ය අංශ අද සිට දින 03ක් ඇතුළත එන්නත්කරණය නිම කිරීමට සැලසුම් කරයි...

A nurse uses a syringe to draw from a vial of the Covishield vaccine, developed by Oxford-Astrazeneca Plc. and manufactured by Serum Institute of India Ltd., at a vaccine center in the Bandra Kurla Complex hospital in Mumbai, India, on Saturday, Jan. 16, 2021. India launched one of the worlds largest coronavirus vaccination drives on Saturday, setting in motion a complex deployment plan aimed at stemming the wide spread of infections across a nation of more than 1.3 billion people. Photographer: Dhiraj Singh/Bloomberg via Getty Images

දියසේන රතුගමගේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද උදෑසන සිට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ වූ බව  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පැවසුවේය.

ඊයේ දිනයේ ආරම්භ කළ එන්නත්කරණය මධ්‍යස්ථානවල එය උත්සවාකාරයෙන් ආරම්භ කළ නිසා යම් කාලයක් ඒ සඳහා ගත වු බවත්,  ඊයේ ලද අත්දැකීම්ද සහිතව ඇති වූ අඩුපාඩු නිවැරදි කරගෙන කාර්යක්ෂම හා ගුණාත්මක බවින් ඉහළ සේවාවක් අද දින අරඹනු ඇතැයි ඔහු විශ්වාසය පල කළේය.

ඊයේ රෝහල් 07ක ආරම්භ කළ එන්නත් කරණ වැඩපිළවෙළ අතර මධ්‍යම බෙහෙත් ගබඩාවෙන් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවලට එන්නත යැවූ බව පවසන නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එන්නත් ලැබුණු වහාම එන්නත්කරණය ආරම්භ කරන බවය.


උතුරු ප්‍රදේශයේ රෝහල් වලින් කොරෝනා එන්නත ලබාදීමේ කටයුතු අස සිට දින තුනක කාලයක් තුළ සිදු කරන බව උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේතීස්වරන් කීවේය.

කොරෝනා එන්නත් මාත්‍රා 12220 ක් උතුරු පළාතට ලැබී ඇති බව කී කේතීස්වරන්   ඉන්  5820 ක් යාපනයටද, කිළිනොච්චියට 1600 ක්ද, මුලතිව්වලට 1300 ක්ද, වවුනියාවට  1700 ක්ද, මන්නාරමට 1800 ක් ද වශයෙන් බෙදා හැර ඇති බව කීය.

යාපනය විශ්ව විද්‍යාලය පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීම  සඳහා  විශාල  කාර්යයක් ඉටු කළ නිසා යාපනය විශ්ව විද්‍යාලයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙනම එන්නත් ප්‍රමාණයක් ලබා දී ඇති අතර උතුරු පළාතේ කොරෝනා එන්නත ලබා දීමේදී සෞඛ්‍ය සේවක සේවිකාවන් ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන්ට ප්‍රමුඛත්වය ලබා දීමටද තීරණය වී ඇත.

ඊයේ (29) දිනය තුළ පුද්ගලයින් 5,286 දෙනෙකුට එන්නත ලබා දුන් බව    වසංගත රෝග විද්‍යා ඒකකය කීවේය.

කොළඹ ජාතික රෝහලේදී 1,886 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.    කොළඹ උතුර ශික්ෂණ රෝහලේදී 803 දෙනෙකුටත්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී 781 දෙනෙකුටත්, යුද හමුදා රෝහලේදී 600 දෙනෙකුටත්  එන්නත ලබා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පනාගොඩ යුද හමුදා කඳවුරේ 400 දෙනෙකුත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ 382 දෙනෙකුත්, හෝමාගම මූලික රෝහලේ 190 දෙනෙකුත්  අයි ඩී එච් රෝහලේදී 80 දෙනෙකුත් මුල්ලේරියාව මූලික රෝහලේ 108 දෙනෙකුත්   ඊයේ එන්නත්කරණයට එක් වී තිබිණි.

 

 

 

 

Exit mobile version