දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි…

rain

පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේ ම දිවයිනේ බොහෝ හෝ ප්‍රදේශවල අහස වළාකුලින් බර ව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුර පළාත්වලත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර, සබරගමුව, උතුරු, උතුරු-මැද ස දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ  තරමක් තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අව ම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


Exit mobile version