දිලිත් ජයවීරට හෝ ජොර්ජ් ස්ටුවට්ට අපහාස කරන පුවත්වලට වාරණයක්

කොළඹ දිසා අධිකරණයෙන් සිරසට නියෝගයක්

ජොර්ජ් ස්ටුවර්ට්ස් හෙල්ත් සමාගමේ සභාපති දිලිත් ජයවීර ට සහ එම සමාගමට අපහාස වන පරිදි පුවත් විකාශය කිරීමෙන් වළකින ලෙස අද කොළඹ දිස්ත්‍රික් අධිකරණය එම්.ටී.වී චැනල්ස් පෞද්ගලික සමාගමට වාරණ නියෝගයක් නිකුත් කළේය.

සිරස නාලිකාවල නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශවල පසුගිය 11,13,16 සහ 19 යන දිනවල කොවිඩ් 19 රෝගය පරීක්ෂා කිරීමේ ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් පළ කළ පුවතේ ජොර්ජ් ස්ටුවට්ස් සමාගමට සහ එහි සභාපතිවරයාට අපහාස වූ බව පවසමින් එම සමාගම එම්ටීවී ආයතනයට එරෙහිව ගොනු කර ඇති නඩුවට අනුව මෙම වාරණ නියෝගය අද නිකුත් කෙරිණි.

මෙම වැරදි සහගත පුවත් පළ කිරීම නිසා ජොර්ජ් ස්ටුවට්ස් සමාගම රුපියල් බිලියන 2ක වන්දියක්ද ඉල්ලමින් මෙම නඩුව ගොනු කොට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජෝර්ජ් ස්ටුවට්ස් සමාගමේ මෙන්ම දෙරණ රූපවාහිනියේ ද සභාපතිවරයා වන දිලිත් ජයවීර සහ කැපිටල් මහාරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් මහේන්ද්‍රරාජා මාධ්‍ය ආයකන දෙකක් ලෙස පවතින තරගකාරීත්වය ද මෙම අපහාස කිරීමට මුල් වී ඇති බවට පැමිණිලිකාර පාර්ශ්වය කරුණු ඉදිරිපත් කොට ඇත.

Exit mobile version