අමායා උඩුවැරැල්ල –
දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පලමු පර්යන්තයේ (T1) වහලයක කොටසක් කඩා වැටීමෙන් අද (28) එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අට දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එරට බලධාරීන් පවසන ආකාරයට මෙම සිදුවීම සිදුව ඇත්තේ අද උදෑසන 05 ට පමණය.
අන්තර්ජාලය තුල සංසරණය වන වීඩියෝ පටයන් හි ගුවන් තොටුපළේ පලමු පර්යන්තය දිගේ නවතා ඇති මෝටර් රථවලට, වහලයට ආධාරක ලෙස තනා තිබූ දැවැන්ත කුළුණු කඩා වැටෙන අයුරු දැක්වෙනවා.
![](http://lankasara.com/wp-content/uploads/2024/06/CompressJPEG.Online_1_100kb_2563.jpg)
ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය X හි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අද අලුයම දිල්ලියට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිල්ලි ගුවන් තොටුපළේ පලමු පර්යන්තයේ වහලය කඩා වැටී ඇති බවත් ඒ හේතුවෙන් පලමු පර්යන්තය සහ ඉන් පිටවන ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බවත් ය. එමෙන්ම එහි ක්‍රියාකාරිත්වය සඳහා විකල්ප විධිවිධාන සලසා ඇති බවත් එම සටහන තුළ සඳහන් වේ.
ඉන්දියාවේ මධ්‍යම සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මොහාන් නයිදු කිංජාරපු දිල්ලි ගුවන් තොටුපළ වෙත ගොස් සිදුවීම සිදුවූ පලමු පර්යන්තය නිරීක්ෂණය කර ඇති අතර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව දෙවන සහ තුන්වන පර්යන්ත වෙත මාරු කරන බව සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වැඩිදුරටත් සඳහන් වන්නේ අමාත්‍යවරයා මෙම සිදුවීම ඉතා බරපතල සිදුවීමක් ලෙස හඳුන්වමින් මියගිය පුද්ගලයාගේ පවුලට රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර සිද්ධියෙන් තුවාල ලැබූවන්ට රුපියල් ලක්ෂ 3 බැගින් පිරිනැමීමට කටයුතු කර ඇති බවයි.
දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පලමු පර්යන්තයේ ඇත්තේ ඉන්ඩිගෝ (lndiGo) සහ ස්පයිස් ජෙට් (SpiceJet) ගුවන් සමාගම් විසින් සිදු කරන අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් පමණි. ගුවන් තොටුපළේ T1, T2 සහ T3 ලෙස පර්යන්ත තුනක් ඇති අතර දිනකට ගුවන් ගමන් 1,400ක් පමණ හසුරුවන බව සඳහන් වේ. ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ දැක්වෙන්නේ ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් ලෙසයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග ස්පයිස් ජෙට් ගුවන් සමාගම නැවත දැනුම්දෙන තුරු සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බවද වාර්තා වනවා.
ඉන්දීය මාධ්‍ය සඳහන් කරන ආකාරයට දිල්ලි නගරයට අද දෙවන දිනටත් අධික වර්ෂාවක් පතිත වී ඇති අතර ඒ හේතුවෙන් දිල්ලියේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇත. දිල්ලි නගරයේ ප්‍රාථමික කාලගුණ මධ්‍යස්ථානය වන Safdarjung නිරීක්ෂණාගාරයට අනුව ඊයේ සහ අද උදෑසන කාලය තුළ මිලිමීටර් 154 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක සඳහන්.