දියවඩන නිලමේ ඇතුලු ශ්‍රි දළදා මාලිගාවේ සමස්ථ කාර්ය මණ්ඩලය ට පී.සී.ආර්. පරීක්ෂණ

ශ්‍රී දළදා මාළිගාවේ උද්‍යාන භාර කරුට කොවිව් පොසිටිව්...

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩ නිලමේ ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබේ.

සෞඛ්‍ය අංශ මෙම පියවර ගෙන   ඇත්තේ ශ්‍රී දළදා මාළිගා  භූමි පරිශ්‍රයේ  උද්‍යාන පරික්ෂක ලෙස කටයුතු කරන නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියා කොව්ඩ් ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමගය.

ඔහු පරිශ්‍රිය පුරාම රාජකාරි සඳහා ගමන් කිරීම නිසා මෙම තීන්දුව ගෙන තිබේ. එහෙත් මෙම නිලධාරියා සමග සම්බන්ධතා ඇති විය හැකි   මේ භූමි පරිශ්‍රය ආශ්‍රිත මල් කඩවල මල් වෙළෙඳාම් කරන පුද්ගලයන් ගේ පීසීආර් පරීක්ෂණ කර නොමැති බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් පුරුදු සෞඛ්‍ය ආරක්ෂිත පළිවෙත් රකිමින් දළදා මාළිගාවේ සියලුම වත් පිළිවෙත් පතවත්වාගෙන යෑමට කටයුතු යොදා ඇති බව දළදා මාළිගාවේ ආරංචි මාර්ග තහවුරු කරයි.

Exit mobile version