දියරකිරි මිලත් ඉහළට?…

milk-1

දියරකිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරන ඇසුරුම් මත සියයට 05ක බද්දක් පැනවීමට රජය ගෙන ඇති තීරණයත් සමග දියරකිරි මිලත් ඉහළ දැමීමට මේ වනවිට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීම වියවුලක් නිර්මාණය කරන බවත් මේ වනවිට කිරි ඇසුරුම්කරණය සඳහා හෝ මේ බද්ද නිදහස් කරගැනීමට රජයෙන් ඉල්ලීමක් කරඇති බවත් ජාතික පශුසම්පත් මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ඩොලර් අර්බුදය හේතුවෙන් දේශිය කිරි නිෂ්පාදනය කරන රජයේ සමාගම් භාවිත කරන ඇසුරුම් ද කොළඹ වරායේ සිරවී තිබුනු  බවත් ඉන් ඩොලර් 30000ක් පමණ වටිනා ඇසුරුම් ප්‍රමාණයක්    පසුගිය දා වරායෙන් නිදහස් කරගත් බවත් එම ආරංචි මාර්ග කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යෝජනා ඉදිරිපත් වී ඇතත් දියර කිරි මිල ගණන් ඉහළ දැමීම සඳහා මෙතෙක් රජය තීරණය කර නොමැති බව ද ජාතික පශු සම්පත් මණ්ඩලය  කියයි.

 

Exit mobile version