දියණියට බන්ධනාගාර නිලධාරියෙක් කළ අයුතු යෝජනාවට එරෙහිවීම නිසා මරා දැමූ හිරකාර තාත්තා!

සිරකරුවා ඝාතනය කර ඇති බව හදිසි මරණ පරීක්ෂණයෙන් ඔප්පු වෙයි..

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටිය දී  පසුගිය ජනවාරි මස 13 දා හදිසියේ මියගිය සිරකරුගේ මරණය ඝාතනයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇති බව අධිකරණය දැනුම් දී ඇත.

ඒ අනුව ඊට අදාළ සැකකාර මිනීමරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම විමර්ශනයක් ක්‍රියාත්මක කරන්නැයි  ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි  විදානගමගේ නියෝග කරනු ලැබීය.

ඝාතනයට ලක්වන්නේ මාතර කනංකේ කන්දවත්ත ගමෙහි පදිංචිව සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති හතළිස් හත් හැවිරිදි පුද්ගලයෙකි..


ඔහුව  බන්ධනාගාර කර ඇත්තේ වර්ෂ 2010 දී රුපියල් දස දහසක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට වරදකරුවීම හේතුවෙනි.   පසුගිය වසරේ මාර්තු මස 9 වනදා උක්ත චෝදනාවට වරදකරු වූ මෙම පුද්ගලයාට  අධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 3ක සිර දඬුවම් නියම කළේය.

සිර දඬුවම් විඳීමට සැකකරු යොමු කර තිබුණේ  අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයටය. කල් ක්‍රියාව යහපත් බව පවසමින් අනතුරුව ඔහුව ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරට මාරු කර යැව්වේය.

එම කඳවුරේ ගතකරමින් සිටි මෙම පුද්ගලයාගේ දියණියට බන්ධනාගාර නිලධාරියෙක් කළ අයුතු යෝජනාවක් දියණිය විසින් ඔහුට දැන්වීම නිසා ඇති වූ ගැටුමකින් පසු ඔහු හෙතෙම ගිය බවට දියණිය විසින් ප්‍රකාශ කර තිබිණි.

මෙම මරණය මිනී මැරුමක් බව අධිකරණ වෛද්‍ය වාර්තා තහවුරු කරන්නේ ඒ ඔස්සේ කළ පරීක්ෂණයකින් පසුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය සිරකරුගේ සිරුරු කොටස් පරීක්ෂණ සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනට පියවර ගෙන ඇත.

Exit mobile version