මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික දිඹුලාගල කන්දේ කුඩාවැව ප්‍රදේශයේ අද ( 07 ) සවස ගින්නක් ඇති වී තිබේ.
මනම්පිටිය පොලිසිය පවසන්නේ මේ වෙන විට අක්කර ගණනක් ගින්නෙන් දැවී විනාශ වී ඇති බවය. මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලොන්නරුව ආපදා කළමනාකරන ඒකකය සඳහන් කරයි.
දැඩි වියලි කාලගුණික තත්වයන් මත ගින්න මෙතෙක් පාලනය කිරිමට අසීරු වී තිබේ.
ගින්න නිවීම සදහා පොලොන්නරුව ගිනි නිවීමේ ඒකකය, ගුවන් හමුදාව දැනුවත් කොට ඇති බව මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.







