දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට එන වන අලියා නිසා සාමනේර හිමිවරුන් අනතුරක…

මනම්පිටිය නිමල් ජයරත්න – 

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට දිවා රාත්‍රී  පැමිණෙන වන අලියකු නිසා නේවාසිකව වැඩවසන සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු  විහාරස්ථානයේ වැඩ වාසය කරන  භික්ෂූන් වහන්සේලා දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව උතුරුමැද පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සිංහපුර චේතියාලංකාර  නාහිමියෝ සඳහන් කළහ.

ඊයේ  රාත්‍රියේ සහ අද (30 )  උදෑසන  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට  පැමිණි වන අලියකු විහාරස්ථානයේ සිටුවා තිබූ පොල් පැළ, සහ බෝධීන් වහන්සේට ද හානි සිදුකර ඇති බව චේතියාලංකාර නාහිමියෝ පැවැසූහ.

නිරන්තරව  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට  පැමිණෙන එම අලියා දරුණු අලියකු බවත්, එම අලියා පසුගිය දිනකදී   ආරණ්‍ය සේනාසනයේ වැඩවෙසෙන සාමණේර භික්ෂූන් නමක් පිටුපස එළවා ඇති බවත්, පැමිණෙන දායකයින් පිටුපසද එම   අලියා පන්නන බවත්, මෙම තත්ත්වය නිසා පැමිණෙන වන්දනාකරුවන් දැඩි භීතියට පත්ව ඇති බැවින් ඉතා කඩිනමින් එම වන අලියා ප්‍රදේශ්යෙන් රැගෙන යන ලෙස  සිංහපුර  චේතියාලංකාර නාහිමියෝ  සඳහන් කළහ.


දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන සාමණේර භික්ෂුන් වහන්සේලා විසින් විහාරස්ථාන භූමියේ සිටුවනු ලැබූ අඹ,පේර, පොල්, පැල ඇතුළු සියලු බෝග එම අලියා විසින් විනාශ කොට ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දිනවල දිඹුලාගල කඳු පාමුල මෙන්ම ඉද්ද පිච්ච වැව් ඉස්මත්තේ සැරිසරන වන අලි රංචු දිවා මෙන්ම රාත්‍රී කාලයේ ආහාර සොයා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණෙන බවත්,  මෙම අලියා අල්ලා රක්ෂිතයට මුදා හර ලෙසත් චේතියාලංකාර නාහිමියන් වනජීවී අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටිති.

Exit mobile version