දිඹුලාගල ආරණ්‍යයේ පුරාවස්තු සොරුන්ගෙන් මාධ්‍යවේදී මනම්පිටිය නිමල් ජයරත්නට මරණ තර්ජන…

දඹුල්ල කාංචන කුමාර ආරියදාස –  

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිදන් සෙවීම පිළිබඳ ප්‍රවෘත්තියක් වාර්තා කිරීම නතර නොකරන්නේ නම්    මනම්පිටිය අප ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් ජයරත්න   ඝාතනය කරන බවට, ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මනම්පිටිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

මාධ්‍යවේදී නිමල් ජයරත්න   ඇතුළු මුළු පවුල්ම වෙඩි තබා ඝාතනය කරන බවට ඔහු   විසින් හත්වැනිදා  දහවල්  පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පසුගියදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරමින් සිටියදී හදිසි රිය අනතුරකින් අපවත් වූ භික්ෂුවකගේ ආවාස ගෙයක් තුළ නිධන් හාරන බවට කැණීම් සිදුකළ සිද්ධියක් මුල්කර කරගනිමින් 0729199512 යන දුරකථන අංකයෙන් පස්වැනි දා රාත්‍රී 10 ට පමණ මාධ්‍යවේදී නිමල් ජයරත්නට යුද හමුදාවේ බවට ඉගි පලකොට මෙම නිර්නාමික  දුරකථතන ඇමතුම  ලබාදී ඇතැයි පොලිසිය කියයි.

එම ඇමතුමෙන් සඳහන් කොට ඇත්තේ මීට පෙර යුද හමුදා විශ්‍රාමික සෙබලූන් කණ්ඩායමක් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කොස්ගහ උල්පත ප්‍රදේශයේ නිධන් හැරීමක් පිළිබඳ, වාර්තා කර ඇති බවත්  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිදන්  කොල්ලයද වාර්තා නොකළහොත් මුළු පවුල්ම ඝාතනය කරන බවත්ය


කෙසේ වෙතත් ඓතිහාසික කොස්ගහඋල්පත නිදන් සිද්ධිය වාර්තා කළා සේම දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිධන් සෙවීමේ සිද්ධිය වාර්තා නොකළොත්  නිමල් ජයරත්න   සහ ඔහුගේ බිරිඳ දරුවන් ඝාතනය කරන බවත් , එම නිර්නාමික දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා පරුෂ වචනයෙන් විනාඩි හතරකට ආසන්න කාලයක්, බැන ඇති බවට හා තමා හා බිරිද, දරුවා ඝාතනය කරන බවට මාධ්‍යවේදී නිමල් ජයරත්න   පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිිල්ලේ සඳහන් වන බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   සඳහන් කලේය,

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ මාධ්‍යවේදී නිමල් ජයරත්න   ප්‍රකාශ කොට ඇත්තේ  මෙම ඇමතුම තමන්ගේ ජංගම දුරකථනයේ පටිගත කොට තිබෙන බවය.

පරික්ෂා කිරීම සඳහා එම හඬපට අවශ්‍ය නම් ලබාදිය හැකි බවද පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

දිගින් දිගටම සිදු කරන මෙම මරණ තර්ජන හේතුවෙන් වහාම පරීක්ෂණයක්, පවත්වන බවත් මෙම දුරකතන ඇමැතුම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බවත්  මනම්පිටිය පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රවෘත්ති වාර්තා කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් රටේ සමාජයේ බරපතළ ප්‍රශ්නයක් පවතින නිසා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, ජනමාධ්‍යවේදීන්ගේ සංගම් කීපයක් මේ වෙනවිටත් සාකච්ඡාවක් සිදු කරමින් පවතින බව, සමාජ මාධ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායකවරයා      සඳහන් කළේය.

Exit mobile version