දින 06කට පසු අද (19) පාන්දර බදියුදීන් අත්අඩංගුවට ගනී

පොලිස් කණ්ඩායම් 6ක් පුරා දින 6ක් තිස්සේ කළ මෙහෙයුමකට පසු රිෂාඩ් බදියුදීන් අද පාන්දර දෙහිවලදී අත්අඩංගුවට ගත් බව අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස  නීතිපතිවරයා පොලිසියට නියෝග  කළේ පසුගිය 13 දාය.

එදා සිට ඔහු මේ වන තුර අතුරුදන්ව සිටියේය.    හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා 13 දා  සවස ජීප් රථයකින් මන්නාරමේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඔහු සවස් දෙමින් සිටි එක්තරා ගුවන් විදුලි නාලිකාවක නිතිපතිවවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය වන රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයාගේ වරෙන්තුවක් අනවශ්‍ය බවත් පොලිසියට ඔහු අත්අඩංගුවට ගත හැකි බවටත් වූ ප්‍රකාශය ප්‍රචාරය වීමත් සමග ඔහු කොළඹ ගමන නතර කර  වාහනයෙන් බැස අතුරුදන් වී තිබිණි.


ඒ අනුව   ජීප් රථය කොළඹ පැමිණි අතර මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවූ පොලිසිය  රිෂාඩ් බදූර්දීන්  ගේ රියෙහි ගමන් ගත් ඔහුගේ සමීපතමයින් තිදෙනකු සහ අමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්ත ඔහුගේ ආරක්ෂක නිලධාරියා පොලිස් භාරයට  ගත්තේය.්‍

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණය දිනයේදී අවතැන් කඳවුරක පිරිසක් ඡන්දය ප්‍රකශ කිරීම සඳහා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ වරද ඇතුළු චෝදනා කිහිපයත් යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.

Exit mobile version