දින 04ක් පුරා සවස 6 – රාත්‍රී 9.30 අතර පැයක් විදුලිය විසන්ධි වේවි – විදුලිබල අමාත්‍යාංශය..

තුෂාරී කළුබෝවිල –  කීර්ති ප්‍රනාන්දු –

අද 4 දින සිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන  පවසයි.

මේ තත්වය ඇති වීමට හේතුව පැහැදිලි කරමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඊයේ ඇති වූ බිඳවැටීමත් සමග ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබූ නොරොච්චෝලෙ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකත් පද්ධතියෙන් ඉවත්වීම බවය. ඒ වනවිට නොරොච්චෝල ජනන යන්ත්‍ර තුනෙන් එකක් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පද්ධතියෙන් ඉවත්කර තිබුණු බව ඔහු පෙන්වා දෙයි.

මේ බිඳවැටීම සමග ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙක යළි පද්ධතියට එක් කරගැනීමට තව දින 04ක් පමණ ගතවනු ඇති බවත්, ඒ කාලය තුළ විදුලිය ඉල්ලුම හා සැපයුම අතර අන්තරය සමතුලිත කරගෙන පද්ධතිය යළි බිඳවැටීමකට ලක් නොවීම සඳහා විදුලි ඉල්ලුම අධිකතම කාලයේ වන අද සවස 6ත් රාත්‍රී9.30 ත් අතර කාලය තුළ ඇතැම් ප්‍රදේශවල   විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.


නොරච්චෝල තාප විදුලි බලාගාරය මෙගාවොට් 900 ක පමණ වේ විදුලි ධාරිතාවක් පද්ධතියට නොලැබීම මත මෙම තීරණය ගැනීමට සිදු වූ බව පවසන සුලක්ෂණ ජයවර්ධන   විදුලි ජනන යන්ත්‍ර දෙක නැවත යථා තත්ත්වයට පත් වූ පසු විදුලි විසන්ධි කිරීම නවතා දමන බව ද වැඩිදුරටත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වකවානුව තුළ විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version