දින පහක් තුළ බලංගොඩ සමනලවත්තේ පුද්ගලයින් 02ක් අතුරුදහන්… 09 හැවිරිදි දරුවෙක් ගැන අවුරුදු 05ක් තිස්සේ ආරංචියක් නෑ….

බලංගොඩ වයි.එස්.වීරවංශ –

දින 05ක් තුළ බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදහන් වී ඇතැයි පොලිසිය පවසයි.

සමනලවත්ත ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙක් ඉකුත් 08 වැනිදා අතුරුදහන් වී ඇතැයි ද ඉන් දින 03කට පසු  තවත් පුද්ගලයෙක් අතුරුදහන් වී ඇතැයි ද පොලිසිය පවසයි.‍

ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම පුද්ගලයින් දෙදෙනාම අතුරුදහන් වී ඇති ආකාරය පුදුම සහගත බවය.

අතුරුදහන් වී සිටින තුෂාර සම්පත් නැමැති විවාහක පුද්ගලලයා ඉකුත් 08 වැනිදා උදේ තේ බීමේන පසු තේ වත්තේ වැඩට යන බව පවසා නිවසින් පිටවී ගොස් ඇත.


ඔහු තවමත් නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.  නිවසට පැමිණීම පවා වීම නිසා බිරිය තේ වත්තට ගොස් ඇය පිළිබඳව සොයා බලා ඇති අතර අතුරුදහන් වූ පුද්ගලයා පැලඳ සිටි සෙරෙප්පු දෙකෙන්  එකක් සහ තේ දළු නෙලා ගැනීමට යොදාගත් පොහොර උරයක් ද හමුවී ඇත.

එම පැමිණිල්ල අනුව පොලිසිය පෙරේදා (09) දවස පුරා සිදුකළ  මෙහෙයුමකින් පසුව ද අතුරුදහන් වූ පුද්ගලයා සම්බන්ධ කිසිම හෝඩුවාවක් සොයාගත නොහැකි වී තිබේ.

මේ අතර සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් ඉකුත් 03 දා සිට අතුරුදහන් වි ඇතැයි බව පොලිසිය කියයි.

ඔහු අතුරුදහන් වී අදට දින 08ක් ගතවි ඇතත් ඔහු පිළිබඳ කිසිම හෝඩුවාවක් නැතැයි ද වාර්තා වේ.

මෙම ප්‍රදේශයේම 09 හැවිරිදි සහන් කුමාර ධර්මසිරි  නැමැති පාසල් දරුවෙක් ද මීට වසර 05කට පමණ පෙර අතුරුදහන්ව ඇත. ඔහු පිළිබඳව ද මෙතෙක් කිසිම හෝඩුවාවක් ලැබී නැති බව පොලිසිය කියයි.

සමනලවත්ත ප්‍රදේශයේ නිතර දිවියන් හැසිරෙන බව ප්‍රදේශවාසීහු කියති. ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන සුනඛයින් බළලුන්, එළුවන්  ගව පැටවුන් නිතර නිතර අතුරුදහන් වන බව ද ප්‍රදේශවාසීහු කියති.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා පොලිසිය ඊයේ දවස පුරා ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

බලංගොඩ පොලිසිය සිද්ධයි පිළිබඳ විමර්ශන පවත්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදිප

Exit mobile version