දිනේශ් ෂාෆ්ටර් ඝාතනය –  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රවීන ඉංග්‍රීසි ක්‍රිඩා විචාරක බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී…

බ්‍රයන් තෝමස්...

ජනශක්ති ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම කොළඹ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධ විමර්ශනයට අදාලව ප්‍රවීන ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

ඊයේ (15) සවස කොළඹ 07 මල් පාරේ සිය නිවසින් පිටත් වූ දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්ත තුළ අත්පා බැඳ ගෙල සිරකර අසාධ්‍ය තත්ත්වයෙන් හමුවී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

මේ ඝාතනය කොන්ත්‍රාත් පදනමක් මත සිදුවී ඇති බවට ඇති වී තිබෙන සැකයත්, ඊට මුදල් ආරවුලක් මුල් වී තිබේ යැයි සැක කිරීමත් සිද්ධිය සම්බන්ධව  බ්‍රයන් තෝමස්ගේ නම කියැවීමත් නිසා  මෙම ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇත.

මේ මරණය සමගම    කියැවුන  මුදල් ගනුදෙනුව සම්බන්ධව සිද්ධිය අධිකරණයට යොමු වන්නේ වර්ෂ 2019 දී ය.


පසුගිය  2019 මාර්තු මාසයේදී තමන්ට  කෝටි 143ක් වංචා කළ බව කියමින්    දිනේෂ් ෂාෆ්ටර් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයක දී අත්අඩංගුවට ගත්  බ්‍රයන් තෝමස්     අධිකරණයට ඉදිරිපත් කරන ලදුව පසුගිය වසරේ පෙබරවාරි මස 11 වැනි දින රක්ෂිත බන්ධනාගාරගත වූයේය.

අදාල පැමිණිල්ලෙන් ෂාෆ්ටර් චෝදනා කර  තිබුණේ  ඇඟලුම් සමාගමක තැරැව්කරුවකු ලෙස පෙනී සිටිමින් බ්‍රයන් තෝමස්   රුපියල් බිලියන 1.43 ක මුදලක් වංචා කර ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බ්‍රයන් තෝමස්ගෙන්   ප්‍රකාශය සටහන් කරගත්ත ද තවත් පැති කීපයක් ගැන විමර්ශන අංශවල තියුණු අවධානයට යොමු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

 

Exit mobile version