දිනයක් තුළ මෙතෙක් වැඩිම කොවිඩ් මරණ වාර්තාවන්නේ අදයි… ඊයේ පමණක් මරණ 59යි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනයක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ ඊයේ දිනට (15) අදාල මරණ 59ක් ලෙසය.

කාන්තාවන් 28ක් හා පුරුෂයින් 31 දෙනෙක් මෙසේ මියගොස් තිබිණි. මෙතෙක් රට තුළින් නිල වශයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 2,315කි.

එමෙන්ම කොවිඩ් ආසාදිතයන් 2419ක් වාර්තා වී තිබිණි. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ කොවඩ් ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ විසි තුන් දහස් හත්සිය දහතුනකි. (223713)කි. රට තුළින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 230,692කි.

මේ පිළිබද රජය නිකුත් කළ වාර්තා පහත දැක්වේ.

Exit mobile version