දිනයකට වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ප්‍රකාශ වේ… මරණ 13යි…

දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව අද සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. එම මරණ සංඛ්‍යාව 13කි. ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 422ක් විය.

නුවරඑළිය ප්‍රදේශයේ 46 හැවිරිදි කාන්තාවක්, ආගපතන ප්‍රදේශයේ 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පෑලියගොඩ ප්‍රදේශයේ 86 හැවිරිදි පුද්ගලයෙක්, බෝම්බුවල ප්‍රදේශයේ 83 හැවිරිදි පුද්ගලයෙක්, කළුතර ප්‍රදේශයේ 76 හැවිරිදි පුද්ගලයෙක්, නෑබොඩ ප්‍රදේශයේ 69 හැවිරිදි පුද්ගලයෙක්, මග්ගොන ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයෙක්, උතුරු කළුතර ප්‍රදේශයේ 81 හැවිරිදි සහ 72 හැවිරිදි  පුද්ගලයන් දෙදෙනෙක්, ගම්පොල ප්‍රදේශයේ 69  හැවිරිදි පුද්ගලයෙක්, පානදුර ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, වෑඋඩ ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ 82 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබණුහ.

එමෙන්ම අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 713ක් වාර්තා වී තිබිණි.  ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 73870ක් විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.

 

Exit mobile version