දිගනින් නැවතත් පිපිරුම් හඬක්…

නැවත වරක් නුවර දිගන අඹකොටේ ප්‍රදේශයේ සිදුවූ විශාල පිපිරීම් ශබ්දයක් සහිත දෙදරීමක් නිසා ප්‍රදේශවාසීහු භීතියට පත් වී සිටිති.

අද උදෑසන 7.15ට පමණ සිදුවූ මෙම පිපිරීම් ශබ්දය සහිත දෙදරීම සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් අඹකොටේ පදිංචි කාන්තාවක් පැවසුවේ විශාල හඬක් සහිත පිපිරීමත් සමග නිවසින් එලියට පැන බැලූ බවත් හඩ පැමිණි ඉසව්වක් සොයාගැනීමට නොහැකි වූ බවත්ය.
මෙම පිරීම සම්බන්ධව පල්ලෙකැලේ රික්ටර් මාපකයේ මෙන්ම නුවර අවට භූ කම්පන ගනණය කරන කිසිම ස්ථානයකට මේ කම්පනය වාර්තා වී නැත.

පසුගිය සෙනසුරදා රාත්‍රියේ 8 ට (31) සිදුවූ කම්පනය වාර්තා වී තිබුණේ පල්ලෙ කැලේ භූ කම්පන මානයේ පමණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අවස්ථාවේ ඇති වූ දෙදරීම ප්‍රදේශ ගණනාවකට දැනී තිබිණි.
එදිනම දවල් ද මෙවැනි කම්පනයක් සිදු වූ බව ප්‍රදේශවාසීහු කියා තිබුනහ. මේ වනවිට පර්යේෂණ කණ්ඩායම් එම ප්‍රදේශයට ගොස් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇතැයි පැවසේ.

Exit mobile version