දැරිය අලෙවි කළ වෙබ් අඩවිකරු අත්අඩංගුවට… තවත් දූෂකයන් 16ක් සොයා පරීක්ෂණ…

mobile-sex

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙබ් අඩවියක් හරහා අලෙවි කළ 15 හැවිරිදි දැරිය දූෂණයට ලක් කළ තවත් 16ක් සොයා පරීක්ෂණ ආරම්භ පවත්වගෙන යන බව පොලිසිය පවසයි.

මේ වනවිට දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පලකළ වෙබ් අඩවිය අනාවරණය කරගෙන හිමිකරුවා සහ මුදල් පාලකවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.

වෙබ් අඩවිය හිමි කරු 45 හැවිරිදි පානදුර නල්ලුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

වෙබ් අඩවියේ මුදල් පාලකවරයා මාවිත්තර අලුබෝලන්ද ප්‍රදේශයේ 43 හැවිරිදි පුද්ගලයෙකි. මේ පුද්ගයන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සිද්ධිය වත්මන් සමාජයේ ස්වරූපය හෙළි කරන පර්යේෂණ නිමිත්තක් බවත් මේ දැරිය දූෂණය කිරීම සඳහා අලෙවි කර ඇත්තේ දැරියගේ මව සහ අනියම් සැමියා වීම, දූෂකයන් අතර චීවර ධාරියෙක්, ප්‍රාදේශීය දේශපාලකයෙක්, සුපිරි ව්‍යාපාරිකයෙක්, ඇතුළු සමාජයේ විවිධ ස්ථරවල විශාල පිරිසක් පෙළ ගැසී සිටීම පොලිසිය කරන පර්යේෂණ ඔස්සේ හෙළිමෙන් පැහැදිලි වන්නේ ප්‍රතිමාන බිඳී ගිය සමාජයක බිහිසුණු කම බව සමාජ පර්යේක්ෂකයෝ පවසති.

Exit mobile version