දැන් සංචරණ සීමාව ඉක්මවූ තීන්දුවකට යා යුතුයි…. අගමැතිත් කියයි..

mahinda-rajapaksa

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ පැතිර යන කොවිඩ් වසංගතය තත්වය හේතුවෙන් සංචරණ සීමා ඉකමවා ගිය තීරණයක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුප්‍රකට භික්ෂුන් වහන්සේ නමක් සමඟ පවසා ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇගමැතිවරයා විසින් අඟවා ඇත්තේ රට දැඩි අගුළුලැමකට ලක් කළ යුතු බවයැයි පැවසේ

පාලනයෙන් ගිලිහී තොරව සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය  සමග මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇත.

රටේ සියලුම වෛද්‍ය වෘත්තිකයන්ක හා සෞඛ්‍ය ඇමතිනිය පවා රට දැඩි සංචරණ සීමාවකට යටත් කළ යුතු බවට වූ සථාවරයේ සිටිය දී ජනාධිපතිවරයා ඊයේ පැවති රැස්වීමේ දීත් ප්‍රකාශ කර තිබුණෙ රට අගුළු ලෑමට අදහසක් නැති බවය. 

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී සංචරණ සීමා තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති  බව වාර්තා වේ.

Exit mobile version