දැන්වත් සතියකට රට වහන්න – මහජන පරීක්ෂකවරු ඉල්ලති

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඉතාම වේගයෙන් රට තුළ ව්‍යාප්ත වන බැවින් අඩුම වශයෙන් සතියක කාලයකට හෝ රට ලොක්ඩවුන් කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී.

නව ප්‍රභේදයේ ව්‍යාප්තිය සති දෙක තුනක් තිබෙන්නට හැර රට lockdown කිරීමෙන් කිසිදු පලක් නොවන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාසරට පැවසීය.

වෛරසය නව ප්‍රභේදය හඳුනා ගත් බොහෝ රටවල් ක්ෂණිකව lockdown කර ඊට මුහුණ දීමට පියවර ගත්තත් ලංකාව මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බවට හෙතෙම චෝදනා කළේය.


මේ වන විට ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් කොරෝනා නව ප්‍රභේදය වැලඳුන රෝගීන් වාර්තා වුවත් එම ප්‍රභේදය පිළිබඳ අද වන තෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කිරීමට පියවරක් ගෙන නැති බව රෝහණ මහතා අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව වෛරස් ප්‍රභේදය කුමක්ද? ඊට මුහුණ දෙන්නේ කෙසේද? ඒ හා සම්බන්ධව ගනු ලබන ඉදිරි පියවර කුමක්ද? යන්න පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් නොකර සිටීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව පවසන ඒ මහතා මෙලෙස පාලකයින් නිහඬව රෝගය රටපුරා ව්‍යාප්ත වන්නට හැර බලා සිටීමෙන් ඉදිරියේදී මහා විනාසයක් සිදුවනු ඇති බවට ඒ මහතා අවධාරණය කළේය.

Exit mobile version