“දැන්වත් ඇත්ත පිළිගෙන තුන්වැනි රැල්ල නවත්වමු”

සජිත් කියයි

සියලු අවලාද, උපහාස මැද වුවත් තමන් කී සියල්ල දිනෙන් දින සත්‍ය වෙමින් තිබෙන බවත් ආණ්ඩුව සිය අසාර්ථකත්වය ඔප්පුකරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

කොරෝනා උවදුර පිළිබඳව සැලකිලිමත් වෙන ලෙස පවසන විට ආණ්ඩුව තමන්ට සිනාසුනු බවත්, මුව ආවරණ නොමිලේ දෙන්න කියන විටත් තමන්ට ආණ්ඩුව හිනාවුන බවත්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහ බෙහෙත් ගබඩා කරන ලෙස ඉල්ලීම් කරද්දීත් තමන්ට සිනාසුනු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ඒ සියල්ලෙහි ප්‍රතිඵල දැන් රටම භුක්ති විදින බවයි.

අනුරාධපුරය විහාර හල්මිල්ලකුලම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගෝනගල ඤාණාාලෝක නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාදය ලබා ගත් සජිත් ප්‍රේමදාස මහතා විහාරස්ථාන පරිශ්‍රයේ අඩුලුහුඬුකම් පිළිබඳව ද නිරීක්ෂණය කරනු ලැබීය.


පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇත්ද යන්න විනාඩි 20 ක් වැනි කෙටි කාලයකින් අනාවරණයක කරගත හැකි වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ සිදුකිරීම කල් දැමීම සහ මෙතෙක් කල් එම පරීක්ෂණ නොකිරීමට හේතු කවරේදැයි විමසූ සජිත් ප්‍රේමදාස මහතා, වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ තොගයක් නිසි ප්‍රසම්පාදන හෝ ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ගෙන්වා ඇති බවද කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මොහොතේ ආණ්ඩුව කළයුත්තේ සිය ගජමිතුරන්ගේ සාක්කු පිරවීම නොවන බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ තුන්වෙනි රැල්ලක් පැමිණීම වලක්වා ගැනීම උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව එකට එක්විය යුතු බවයි.

Exit mobile version