දැඩි විරෝධය හමුවේ මන්නාරමේ කොවිඩ් මරණය වව්නියාවේ දී ආදාහනය කෙරේ…

දිනසේන රතුගමගේ

මන්නාරමේදී කොරෝනා රෝගය වැළඳී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය ආදාහනය කිරීමට  සෞඛ්‍ය නිලධාරීන් තීරණය කිරීමත් සමගම  ඊට දැඩි විරෝධය පලවීම නිසා එම මෘත ශරීරය වවුනියාවට රැගෙන විත් ඊයේ (21) සවස ආදාහනය කිරීමට බලධාරීන්ට සිදුවුණි.

මන්නාරම  තලෙයිමන්නාරම පාරේ  2 කණුව ප්‍රදේශයේ 61 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා රෝගය වැළඳී මියයාමෙන් පසුව ඔහුගේ මෘත ශරීරය ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කිරීමත් සමගම මන්නාරම නගරයේ වෙළඳසැල් වසා දමා සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයට මුස්ලිම් වැසියන්  විශාල පිරිසක් විරෝධය පලකොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුව මත  එම මෘත ශරීරය වවුනියාවේ පූන්තෝට්ටම් ආදාහනාගාරය වෙත රැගෙන විත් ආදාහනය කිරීමට බලධාරීන් පියවර ගත් අතර ඊට ද මන්නාරමේ මුස්ලිම් වැසියෝ විරෝධය පල කොට ඇත.


Exit mobile version