“දාහතරේ කල්ලියකට කෘෂිකර්මයේ අනාගතය භාරදීලා”

හරිත කෘෂි කර්මාන්තයක් උදෙසා 14 දෙනකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කළද කෘෂිකර්මාන්තය සම්බන්ධව ප්‍රවීනයන් හෝ විශේෂඥයින් කිසිවෙක් එහි නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අදාල කාර්ය සාධක බලකායෙන් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන්කොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා විශේෂඥයින් නොවන කාර්ය සාධක කාර්ය සාධක බලකාය ඇත මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වෙන් කළේ ඇයිදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

14 දෙනකුගේ කල්ලියකට මේ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳව තීන්දු තීරණ ගත හැකි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය අයවැයට කෘශිකර්මාන්තය පිලිබඳව කිසිදු දැක්මක් ඇතුලත් කොට නැති බවද පැවසීය.


ආණ්ඩුව ඉදිරිපත් කළේ කිසිසේත්ම සංවර්ධනාත්මක අයවැයක් නොවන බවත් ජනතාව දිනවන්නට ආ ආණ්ඩුව අද පෝලිම් යුගයක් ම නිර්මාණය කරමින් රට ආපස්සට රැගෙන යමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ අද(13) පොල්ගහවෙල පැවති සමගි ජන බලවේගය උද්ඝෝෂණයට සහභාගි වෙමිනි.

රටේ පවත්නා ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නැති අය-වැයක් ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති බවත් ආණ්ඩුවේ ගෝලබාලයන්ට සහ හිතවතුන්ට කොමිස් ලබා ගැනීමෙන් මංපෙත පමණක් ආණ්ඩුව විවර කොට ඇති බව කී ඒ මහතා,

 කෘෂිකර්මයේ දියුණුවට පර්යේෂණ සංවර්ධන කටයුතු උදෙසා මුදල් වෙන් කළයුතු උවත් ආණ්ඩුව ඒ සදහා කිසිදු මුදලක් වෙන් කොට නැති බවත් පැවසීය.

ආණ්ඩුව විශ්වාස කරන්නේ විද්‍යාව වෙනුවට මිත්‍යාව බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ හරහා මේ රට මහත් ප්‍රපාතයකට තල්ලු කොට ඇතැයිද පැවසීය .

මහලොකුවට වගා හානිවලට වන්දි ලබා දෙන බවට ගොවීන්ට පොරොන්දු වූ ආණ්ඩුව මේ අයවැයෙන් ඒ සඳහා සත 5 ක ප්‍රතිපාදනයක් වෙන් කොට නැතැයි ද පැවසූ විපක්ෂ නායකවරයා එදත් අදත් හෙටත් ආණ්ඩුව සිදුකරන්නේ ජනතාව ඇන්දවීම බවද පැවසීය .

මෙය ප්‍රශ්න විසඳන අයවැයක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවට ප්‍රශ්න ඇති කරන අය වැයක් බව පැවසූ අතර පොහොර ප්‍රශ්නයට, අස්වනු  අඩුවීමේ ප්‍රශ්නයට,විසඳුමක් නැතිවා මෙන්ම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධව ද කිසිදු විසඳුමක් නැති බව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අය හරහා කාබනික පොහොර මාෆියාවක් ද බිහි වන බව පැවසූ විපක්ෂ නායකවරයා එය ආණ්ඩුවේ ගජමිතුරන්ගේ සහන සැලසීමට ගත් ක්‍රියාමාර්ගයක් දැයි ප්‍රශ්න කළේය.

Exit mobile version