දළදා මාලිගාවට එන අයගේ හැඳුනුම්පත් පරීක්ෂාවක්

කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් බහුලව සිටින ප්‍රදේශ හෝ හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් පිළිබද තොරතුරු දැනගැනීම පිණිස මහනුවර දළදා සමිදුන් වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ජාතික හැදුනුම්පත අනිවාර්යයෙන් පාරික්ෂා කර බලා පමණක් මහමළුට ඇතුළු කර ගන්නා බව දළදා මාළිගයේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා පවසයි.

වෛරස් ආසාදිත පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම සමස්ථ ජනතාවගේ ආරක්ෂාව කෙරෙහි බලපාන බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව හෙතම කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 පාලනය සදහා රජය විසින් ගන්නා සෑම සෞඛ්‍ය නීතිරීතියකටම යටත්ව දළදා මාළිගාවේ සාමාන්‍ය තේවාකටයුතු සිදුකෙරෙන බවද, වන්දනා කිරිම සදහා පැමිණෙන බැතිමතුන් තමන්ට හැකි අවම කාලයකින් මාළිගපරිශ්‍රයෙන් පිටව යාමට කටයුතු කර න ලෙසද නිළමේවරයා පැවසීය


Exit mobile version