දළදා පෙරහර සජීවී විකාශය මාලිගාවේ මාධ්‍ය අංශය ලෝකයට වංචා කළා… ලෝක අපවාදයෙන් බේරෙන්න රජය මැදිහත් විය යුතුයි…

හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න කරන හෙළිදරවුව...

ලෝකයේ උත්තම වන්දනීය  සංස්කෘතික මංගල්‍යය වූ ශ්‍රී දළදා පෙරහරේ අවසන් දින පෙරහර සජීවී ලෙස විකාශනය කරන බව පෙන්වමින් වංචා කිරීම , විකාශන මූලධර්ම උල්ලංඝනය කිරීමක් පමණක් නොව, මූලික සදාචාර් ධරමයන් විනාශ කිරීමක් බවත් ලෝකය ඉදිරියේ මේ වංචාවට පිළිතුරු දීමට දළදා මාලිගාවේ මාධ්‍ය අංශයට සිදුවන බවත්  හිටපු දියවඩන නිලමේවරයෙක් වූ නෙරංජන් විජේරත්න ලංකාසරට පැවසීය.

ඔහු මේ බව පැවසුවේ දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර දවසේ සිදු වූ අලි කුලප්පුව ලෝකයට සඟවමින් සජීවී විකාශය වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමිනි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ගමන් ගත් පසුගිය අගෝස්තු 22 රාත්‍රියේ දී  සිදු වූ අලි කුලප්පුව නිසා දළදා පෙරහරේ කතරගම හා විෂ්ණු දේවාල පෙරහර දළදා විථියෙ කොටුගොඩැල්ල වීථිය ට හැරෙන මං සන්ධියේදී  විසිර ගිය පසු සජීවි විකාශය වහාම සංස්කරණය කරමින් 21 දා ගමන්ගත් කතරගම පෙරහර දර්ශන සජීවී විකාශය ලෙස දක්වා විකාශය කිරීම නිසා මෙම ගැටලුව ඇති වී තිබිණි.


මේ සම්බන්ධව ප්‍රශ්න කරමින් හිටපු දියවඩන නිලමේ වරයා මෙසේ ප්‍රකාශ කරයි.

“ දළදා  මාලිගාවෙ පෙරහරට වියදම් කරන්නේ මාලිගාවෙ සල්ලි.  ඒක තමයි ක්‍රමවේදය. පෙරහරට ප්‍රථම වියදම් කටයුතු පිළිබඳව බෞද්ධ කොමසාරිස්ට  ලයිස්තුවක් යනව. ඒ අනුමත පිරිවැය යටතේ තමයි පෙරහර කරන්නේ.

හතරමහා දේවාලයේ පෙරහරවලට ඒ ආකාරයෙන්ම හතර මහා දේවාලයේ නිලමේවරු බෞද්ධ කටයුතු  කොමසාරිස්වරයාගෙන් අවසර ගන්න ඕන. මේ තමයි විහාර දේවාලගම් පනතය යටතේ ක්‍රමවේදය.

හිටපු දියවඩන නිලමේවරයෙක් ලෙස මා ප්‍රශ්න කරන්නේ  දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය් පිහිටුවීමෙන් අනතුරුව මේ නීති රෙගුලා සිවලට මොදක වුනේ කියලා.

ඉස්සර   පෙරහර දින 10  සහ මහ පෙරහර විකාශ කරන්නේ රජයේ නාලිකා ඔස්සේ. එම විකාශය   පුද්ගලික මාධ්‍ය නාලිකා වලිනුත් ගන්නවා. එයාල තමයි ජාත්‍යාන්තර සම්මුතිවලට ඇවිත්  නීතිවලට යටත්ව පෙරහර මංගල්‍යය ලෝකයට දෙන්නෙ. දළදා මාළිගා මාධ්‍ය ඒකකයක් ඇති කළ පසුව පෙරහර  මුලුමනින්ම විකාශ කිරීමේ අයිතිය ඔවුන් ගත්තා.“

දළදා පෙරහර ලෝක පූජනීය මංගල්‍යයක්. ලෝක ජනතාවට ඇවිත් බලන්න බැරිනම් එය සජීවීව ලබා දිය යුතුයි. සජීවී විකාශයක් කියන්නෙ දැවැන්ත විනයක් එක්ක කරන්න අවශ්‍ය  ආචාර ධර්මීය කටයුත්තක්.  ඒත් මේ උතුම් මංගල්‍යය පවත්වන වෙලාවෙදි  ලෝක ජනතාව වංචනික ලෙස රවට්ටලා පෙර දින පටිගත කළ   කතරගම සහ පත්තිනි දේවාල පෙරහර මේ මාධ්‍ය කණ්ඩායම  විකාශය කළා.

මේක මූලිකවම  සදාචාරය උල්ලංඝනය කිරීමක්. ඔබ හිතන්න සජීවී ක්‍රිකට් තරගයක් ගැන. තරගයේ සජීවී විකාශනය අයහපත් කාලගුණය නිසා නවත්වනවා කියන්න. ඒ විකාශ කරුවන් කරන්නේ කුමක් ද?.

ඔවුන් ඒ මොහොත වාර්තා කරනවා. පිට්ටනිය වහනවා පෙන්වනවා. තරගය නැවැත්තුවා කියනවා. එතැන් සිට  පැරණි තරගයක් පෙන්වනවා නම්  විකාශය කරන්නේ කුමණ තරගය ද කියලා කියනවා. ඒක ක්‍රිකට් ක්‍රීඩාව.

මේ සම්මා සම්බුදු රජානන් වහන්සේ උත්කර්ෂයට නන්වන්න  දෙවියන් හා ස්වභාවධර්මයේ මහා බලවේග එකතු කරලා කරන ආශ්චර්යමත් පූජා උත්සවයක්.  සංස්කෘතියක්.  බෞද්ධ අබෞද්ධ සියලු දෙනාම වන්දනා කරන පූජෝත්සවයක්. මෙන්න මේ පූජෝත්සවය තමයි  මේ කණ්ඩායම බැතිමතුන්ට වංචා කළේ. ඔවුන් ඒ වෙලාවෙ සජීවි විකාශය කියලා කළේ මොකක් ද කියලා  දැන්නුවෙ නෑ.   පසුව ඒ වංචාව  හෙළි දරවු වුනා. එය රටටත් හොඳ දෙයක් නෙමෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වංචාව පිළිබඳ ජාත්‍යාන්තරයෙන් බරපතල චෝදනා එල්ල වීමට පෙර රජය මැදිහත් වී කටයුතු කළ යුතු බව මා විශ්වාස කරනවා. මොකද දැන් මේ වුණේ මොකක් ද කියලා ජනාධිපතිවරයා දන්නවා.

Exit mobile version