දහයියා ගෝනි අතර සඟවා ගෙන ගිය මිලියනයක බුරුත කොට හසුවේ

දිනසේන රතුගමගේ

යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත දහයියා ගෝනී අතර සගවා ගෙන යාපනයට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ  දහයක් පමණ වටිනා බුරුත කොට  21ක් සැකකරුවකු සමග 1 දා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මුල්ලිකුලම රක්ෂිත වනයේ සිට මෙම  බුරුත කොට තොගය  යාපනය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ අතර කාලයක් තිස්සේම මෙම දැව ජාවාරම ඔවුන් විසින් සිදු කොට ඇති බවට තොරතුරු ලැබී තිබේ.


යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුර අනුව ක්‍රියාත්ම වූ  වවුනියාවේ පුලියන්කුලම පොල්ස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්  මුල්ලිකුලම් මාර්ගයේ රැක සිට බුරුත කොට ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සකකරු ලොරිය හා බුරුත කොට තොගය වවුනියාව ඕමන්ත පොලීසිය වෙත බාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය එම සැකකරුව  වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version