දහම්පාසලේ තුන වසර දරුවෙකුට කොවිඩ් ආසාදනය වෙයි…එළුවා පිටියේ 150කට අද පී.සී.ආර්. පරීක්ෂණ

පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති එළුවාපිටිය ගම් වාසීන්...

නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි  එළුවාපිටිය පුරාණ විහාරයේ දහම් පාසලට පැමිණෙන තුන වසරේ දරුවෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අද (12) තහවුරු විය.

මේ වනවිට එම දහම්පාසලට සහභාගී වූ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිළිබඳ විශේෂ සොයා බැලීමක් අරඹා ඇති අතර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු සම්පානය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

අධි අවදානම් ගම්මානය සේ නම් කර ඇති අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එළුවාපිටිය ගම්මානය තුළ මේ වනවිට සංඝයා වහන්සේ සිවු නමක් ඇතුළු 23 දෙනෙක්  කොවිඩ් ආසාදනය වී තිබේ.


මේ වනවිට කොවිඩ් ආසාදිත පවුල් ඒකක 49ක් නිරෝධායන කඳවුරු වෙත යොමු කර ඇති අතර ආශ්‍රිතයන් 150ක ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද වටද්දර බෙම්මුල්ල ප්‍රාදේශීය උප කාර්යාලයේ දී පවත්වනු ලැබීය.

මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැන්න ගම්මානයේ කොවිඩ් ආසාදිතයන් 03ක්  ද, කුරීකොටුව ගම්මානයෙන් දෙදෙනෙක් ද වාර්තා වීම සමග ඊයේ සිට මේ ගම්මානවලට සංචරණ සීමා පනවනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පැවැත්වෙන උසස්පෙළ විභාගය හේතුවෙන් මේ ගම්මාන පූර්ණ ලෙස හුදකලා කිරීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

Exit mobile version